පොළොන්නරුව දිත්‍රීක්කයේ විදුහල් අතර අද්විතීය නමක් දිනා සිටින පො/පලුගස්මදන මහා විද්‍යාලය නැති බැරි අය සතු වූ ඇතිකම් පිලිබදව ඉදිරිපත් කල හැකි අපූර්ව ආදර්ශයකි.
පලුගස්දමන
ආර්.බී.දෙකේ ඇල පිහිටි රාජයේ ගබඩාවක් ලෙස පරිහරණය කල තහඩු ගොඩනැගිල්ලකින් මෙම විදුහල මුලින ඇරබුණි. විදුහල අරම්භ කර මාස 7කට පසු 1950.09.20 දින පී.එල්.පලුගස්මන ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව යනුවෙන් 2505 . ඊ අංකය යටතේ රාජයේ පාසලක් බවට පත් විය.
විදුහලේ මුල් විදුහල්තිතුමා වූයේ එම්.ජේ.පෙරේරා මහතාය. 1951 ජූනි 12 දින මෙම පාඨශාලාව වර්තමාන පලුගස්දමන මහ විදුහල පිහිටි ස්ථානයට ගෙන එන ලදී. රජය මගින් තනවන මෙම ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය මාහා අමාත්‍ය ඩී.එස්. සේනානායාක ශ්‍රී මතාණන් විසිනි. අග්නිදිග ආසියාවේ සේනාධිනායක ජෙයප්‍රීලේටන් සමිවරයා පසු කලෙක ශ්‍රී ලන්කේශ්වර්යානන් වූ සර් ඔලිවර් ගුණතිලක මැතිතුමාද මේ උත්කර්ශවත් අවස්තාවට සහභාගී වූ බව විදුහලේ නිර්මාතෘ වයෝවෘද්ධ දෙගුරුන් අදද මහත් අභිමානයෙන් සිහිපත් කරති.
|
ආරම්භ කළ වර්ෂය |
1950 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
40 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්.පී.කරුනාතිලක |
|
පාසලේ ආදි කතෘගේ නම |
එම්.ජේ.පෙරේරා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පො/පලුගස්දමන මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1950 සැප්තැම්බර් මස 29 දින |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පලුගස්දමන ආර්.බී.දෙකේ ඇල පිහිටි රාජයේ ගබඩාවක් ලෙස පරිහරනය කල තහඩු ගොඩනැගිල්ලක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එල්.එම්.කේ.ගුණපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එස්.කේ.කුමාරි හාමි |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1950 සැප්තැම්බර් මස 12 දින |